අල්ලස් නඩුවෙන් විදුහල්පති නිදහස්


බදුල්ලේ දුෂ්කර පාසලක සංගීතය ඉගැන්වීමට ව්‍යාජ සහතික මත ගුරුවරුන් ගත්තැයි චෝදනා ලැබ සිටි එස් කලුබණ්ඩා නම් විදුහල්පති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා විසින් නිදහස් කරනු ලැබීය.

විදුහල්පතිගේ නීතීඥයන්ගේ තර්කය වූයේ ව්‍යාජ ලියවිලි මත පත්වීම කර ඇත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊට එරෙහිව පරීක්ෂණයක් නොකලේ ඇයි ද යන්නයි.

එම චෝදනාව ගොතන ලද්දකියි නීතීඥවරයා කියා සිටියේය.

නඩුව පවරා තිබුණේ අල්ලස් කොමිසමෙනි.