අල්ලස් ගනිද්දී විදුහල්පතිනිය අසුවෙයි


අකුරණ ප්‍රදේශයේ පාසලක හයවන වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් 7500 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ නියෝජ්‍යය විදුහල්පතිනිය හා ගුරුවරුන් දෙදෙනකු අද (23) අත්අඩංගුවට  ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි.


මෙම විදුහලේ හයවන වසර පන්ති සඳහා ඇතුළත් වන සෑම ළමයකුගෙන්ම රුපියල් 7500 බැගින් ලබා ගැනීමට විදුහල් බලධාරීන් ක්‍රියාකර තිබෙන අතර ඒ සම්බන්ධව දෙමව්පියන් පිරිසක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ.
ඒ අනුව අදාළ පාසලට ගිය විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් නියෝජ්‍යය විදුහල්පතිනිය මුදල් ලබා ගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.