අල්ලස් ගත්තැයි ලේකම් රිමාන්ඩ්


ලග්ගල තෝරපිටිය ප‍්‍රදේශයේ මාර්ග කොන්කී‍්‍රට් කිරීමේ කොන්ත‍්‍රාත්තුවට අයත් චෙක්පතක් ඉක්මනින් ලබාදීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත් බව කියන ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් බන්ඩාර මහතා අද  (23) නියෝග කළේය.