අල්ලස් ගත්තැයි රිමාන්ඩ්


ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමට රුපියල් හතලිස් දහසක අල්ලසක් ගත්තැයි සැකපිට ඇඹිලිපිටිය නගර සභාවේ තාක්ෂණ නිලධාරි තීක්ෂණ තරංග පතිරණ රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

බැංකු ණයක් ගැනීම සඳහා  අඩක් නිම කළ ගොඩනැගිල්ලට සැලැස්මක් අනුමත කරවා ගැනීමට ගිය ඇඹිලිපිටිය ඕමල්පේ ඊ ඒ ගුණසිංහගෙන්  රුපියල් පනස්දහසක් ඉල්ලා රුපියල් හතලිස් දහසක් ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.