(ගයාන් සූරිය ආරච්චි සහ වසන්ත චන්ද්‍රපාල)
වැලි ප්‍රවාහනය කරන ආයතනයකින් රුපියල් 25,000 අල්ලසක් ලගත් බව කියන අම්පාර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසලදී එම අල්ලස් මුදල් ලබා ගැනීමට යාමේදී මෙම සැරයන්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කළ පැමිණිල්ලකටට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. වැලි ප්‍රවාහන කටයුතු කරදරයකින් තොරව කරගෙන යෑම සඳහා එම අල්ලස් මුදල ඉල්ලා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ රාජකාරිය වාහාම තහනම් කර ඇත.