(මනෝප්‍රිය ගුණසේකර)
පළමු වසරට ළමයෙකු ඇතුළත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී ඇඹිලිපිටිය ප්‍රදේශයේ විදුහල්පතිනියක අද (02) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී විදුහල්පතිනිය විදුහලේ ක්‍රීඩාපිටිය අසලදී අදාල අල්ලස් මුදල ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයකු පැවසීය.
අදාල දරුවාගේ වැඩිමහල් සහෝදරයා එම විදුහලේ ඉහළ පන්තියක අධ්‍යාපනය ලබන අතර දෙවැනි දරුවා 2021 වසරේදී විදිහලේ පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්නා ලෙස අයදුම්කොට ඇති අතර එහිදී ඒ සඳහා ලක්ෂ එකහමාරක අල්ලසක් විදුහල්පතිනිය විසින් ඉල්ලා ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී අල්ලස් ලබා ගනිද්දී ඇය අත්අඩංගුවට ගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

