අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපති 22 දක්වා රිමාන්ඩ්


පොලිස් අධිකාරීවරයකුගේ නිල නිවාසයේ විදුලි බිල ගෙවීමට කුට්ටිගල ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත්තේයැයි අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ. චින්තනවංශ මහතා ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිල්මිණි විතාරණ මහත්මිය අද (14) නියෝග කළාය.

සැකකරු ව්‍යාපාරිකයාගෙන් මුදල් ගනිද්දී ඇඹිලිපිටියේ බැංකුවක දී අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සඳුදා (13) අත්අඩංගුවට ගනු ලැබිණි.