( නිමන්ති රණසිංහ )
අල්ලස් ගත් පොලිස් ක්ෂේත්‍රබල මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන මස 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ පොලිස් ක්ෂේත්‍රබල මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ජීවේන්ද්‍ර ඩයස් නැමැත්තෙකි.
ඊයේ (19) රුපියල් 50,000 අල්ලසක් ලබා ගනිද්දී පොලිස් ක්ෂේත්‍ර බල මුලස්ථානයේ දී සැකපිට අත්අංගුවට ගත්තේය.
වැඩතහනමට ලක්වු පොලිස් පරීක්ෂකවරයකු නැවත සේවයේ පිහිටුවීම නිර්දේශ කිරීම සඳහා මෙම අල්ලස් මුදල ගැනීමට උත්සාහ කර තිබේ.
වැඩතහනමට ලක්ව සිටි පොලිස් පරීක්ෂක වන කොට්ටාවේ පදිංචි විජිත් වීරසිංහ නැමැත්තාගේ පැමිණිල්ලක් මත අල්ලස් හෝ දුෂණ විමර්ශන අංශය විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.