(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්මි කුඩලිගම)
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයට නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරීම සඳහා රියැදුරකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබාගත් මතුගම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
සැකකාර පොලිස් සැරයන්වරයා පෙරේදා (14 ) මතුගම ඔරලෝසු කණුව අසල රාත්‍රී රාජකාරියේ යෙදී සිටියදී ලොරි රථයක් පරීක්ෂා කර එහි රියදුරාගේ රියදුරු බලපත්‍රය කල් ඉකුත්වීම නිසා එම වරදින් මුදවා හැරීමට රුපියල් 5000/= ඉල්ලා තිබූ බව පොලිසියේ සඳහන්කරයි.
එකී මුදලින් රුපියල් 3000/= ක මුදලක් මතුගම ඔරලෝසු කණුව අසලදි ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසියේ සඳහන්කරයි.