අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ සරත් ජයමාන්න


අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත.

ජයමාන්න මහතා අද(10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

වසර 25 කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මහතා මෙම ධූරයට පත් කෙරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළේය.

වෝහාරික විද්‍යාව පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති සරත් ජයමාන්න මහතා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර ශී‍්‍ර ලංකාවේ නීතිමය කි‍්‍රයාවලිය සඳහා ඩී.එන්.ඒ සහ දුරකථන සාක්ෂි හඳුන්වාදීමට ද මූලික වී කි‍්‍රයා කළ අයෙකි.

සරත් ජයමාන්න මහතා මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විදුහලේ ආදි සිසුවෙකි.

web01