අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ලබන 15 වැනිදා පෙරවරු 10.00 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ඊට අපහාස කරන ලදැයි සදහන් චෝදනා ඇතුළත් පෙත්සම අද (16) කැඳවූ අවස්ථාවේ අධිකරණය මෙම දැනුම් දීම කළේය.
එලෙස අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එහි ප්‍රගිතිය සලකා බැලීමෙන් පසු මෙම පෙත්සම් විභාගය අවසන් කරනවාද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරන කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාත් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

