පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළු කර ගන්නැයි මහනුවර හැරමිටියාල ශ්‍රී දීරානන්ද විද්‍යාලයයේ විදුහල්පතිට බලපෑම් කළැයි මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව අල්ලස් කොමිසම අද ඉල්ලා අස්කරගත්තේය.
මෝසමක් මගින් නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් නඩුව ඉල්ලා අස් කර ගත් නිසා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ එම් තිලකරත්න, අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විජේසිරි හේරත් සහ ජනාධිපති සබන්ධීකරන නිලධාරී හේමා මාදිවෙල යන සැකකරුවෝ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබූහ.