අල්ලස් කොමිසම තවත් වැඩක


අල්ලස හා දුූෂණය තුරන් කිරීම සදහා නැගී සිටීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ලබන නව වැනිදාට යෙදෙන ජාත්‍යන්තර දුූෂණ විරෝධී දිනය නිමිත්තෙන් ආරම්භ කළ බව අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

වැඩවසටහන ඉදිරි දිනවලදී කොළඹ,මාතර,ගාල්ල,යාපනය,කිිළිනොච්චිය හා මහනුවර යන නගර වලදී කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව සඳහන් කළ ඇය පෝස්ටර් ව්‍යාපාර හා ජනතාව හමුවට ගොස් ඔවුන්ව දැනුම්වත් කරන අල්ලස් හෝ දුූෂණ කොමිසමේ නිලධරයින් මගින් අල්ලසට එරෙහිව නැගී සිටිය යුතුවීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන බව කියා සිටියාය.

මේ සදහා සිවිල් සංවිධාන රැුසක්ද කොමිසම හා අත්වැලි බැදගෙන සිටින බව සඳහන් කළ වික‍්‍රමසිංහ මහත්මිය ලබන නව වැනිදාට පාගමනක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබෙන බවද පැවසුවාය.