අල්ලස් කොමසාරිස්වරයෙක් ඉල්ලා අස්වෙයි


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වන කීර්ති විමලචන්ද්‍ර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවීම සඳහා කොමිසමේ ලේකම්ට බාර දී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

විමලචන්ද්‍ර මහතා හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකි.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනකු සිටිති. එක් කොමසාරිස්වරයකු ඉල්ලා අස් වුවහොත් කොමිසම ඉබේම අක්‍රීය වන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර නීති විශාරදයින් කියනුයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ අල්ලස් කොමිසම, මානව හිමිකම් කොමිසම සහ පොලිස් කොමිසමේ කාලය ද අවසන් වන බවයි.