විත්තියට වාසි වන අයුරින් පැමිණිල්ල විභාග කිරීම සඳහා අල්ලසක් ඉල්ලූ බව කියන උප පොලිස් පරීක්ෂවරයකු ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (31) නියෝග කළේය.
එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ වැලිපැන්න පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති සෝමතුංග සිල්වා මහතා ය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

