අල්ලන්න ගිය සැකකරු ඉහළ මහලෙන් බිමට පැනලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ සන්දිය උයන මහල් නිවාස සංකීර්ණය 8 වැනි මහලේ රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට උත්සහා කළ අවස්ථාවේදී ඔහු එම මහලේන් බිමට පැනීම නිසා බරපතළ තුවාල ලබා ඇතැයි මිහිජය සෙවණ පොලිසිය පවසයි.

බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පුද්ගලයකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා කළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම සැකකරු මෙසේ බිමට පැන ඇති බව පොලීසිය කියයි.