ඉන්දියාවේ තම ශාඛාවක් පිහිටුවා, දකුණු ආසියාව ආක‍්‍රමණය කර ජිහාද් ධජය ඔසවනවා යැයි කලක් නිහඬව සිටි අල් කයිඩා ත‍්‍රස්ත නායක අයිමාන් අල් සවහීරී අනතුරු අඟවයි.
අල් කයිඩා නායකයා මෙම අනතුරු ඇඟවීම කළේ විනාඩි 55 ක් දිග එම වීඩියෝ පණිවුඩයක් අන්තර් ජාලයට මුදා හැරීමෙනි.
වීඩියෝ පණිවුඩයේ සඳහන් අන්දමට අල් කයිඩාව ඉන්දියාවේ සිය ශාඛාවක් පිහිටුවීමට සැරසෙන්නේ අසල්වැසි පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගේ සහාය ඇතිවය.
ඔසාමා බින් ලාඩන් නායකත්වය දැරූ අවදියේ දී අල් කයිඩාව ලොව අංක එකේ බිහිසුණුම ත‍්‍රස්ත සංවිධානය විය. එහෙත් ඇමෙරිකාව බින් ලාඩන් සොයා මරා දැමීමෙන් පසු අල් කයිඩාව දුර්වල විය. නව නායක ලෙස පත් කෙරුණු අල් සවහීරී කි‍්‍රයාකාරී නොවන නායකයකු බවට ප‍්‍රචලිත විය.
අල් කයිඩාව සමඟ එක් වී, ඉරාකයේත් සිරියාවේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අයි.එස්.අයි.එස් එසේත් නැතිනම් ‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩි සිරියා’ නමැති ත‍්‍රස්ත සංවිධානය, දැඩි අන්තවාදී මඟකට යොමු වූයේ එම දුර්වල නායකත්වය නිසා යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දැඩි මතධාරීන් ලෙස අන්තවාදී මඟකට යොමු වී සිටින හෙයින්, අල් කයිඩාව, අයි.එස්.අයි.එස් සංවිධානය සමඟ සියලූම සබඳතා අත්හැර දැම්මේය. අද වනවිට ලොව අංක එකේ ත‍්‍රස්ත සංවිධානය වී ඇත්තේ අයි.එස්.අයි.එස් සංවිධානයයි.
අල් කයිඩා නායකයා ඊයේ එම වීඩියෝ පටය නිකුත් කළේ තමන්ට අභියෝගයක් වී ඇති අයි.එස්.අයි.එස් සංවිධානයට එරෙහිව තම බලය තහවුරු කර ගන්නා බව පෙන්වීමට යැයි ඇමෙරිකානු විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අල් කයිඩා නායකයාගේ වීඩියෝ පණිවුඩය විශ්ලේෂණය කළ ඉන්දීය බුද්ධි සහ ආරක්ෂක අංශ පවසා ඇත්තේ, මෙය පුදුමයට කරුණක් නොවන බවත් අල් කයිඩා නායකයාගෙන් මෙවැනි ප‍්‍රකාශයක් තමන් බලාපොරොත්තු වුණු බවත්ය. කෙසේ නමුත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ද ඉන්දීය ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා ඇත.
(ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය)


