බීජ අර්තාපල් හා කෑමට ගන්නා අර්තාපල් ආනයනය නතර කරන්නැයි රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා රජයෙන් ඉල්ලයි.
බීජ අර්තාපල් ගෙන්වීම රාජ්‍ය අංශය අතට ගන්නා ලෙස ද ඔහු රජයට යෝජනා කරයි.
දැනට පෞද්ගලික අංශයෙන් ගෙන්වන බීජ අර්තාපල් හොන්ඩරයක් රුපියල් 15000 ක් පමණ වන නමුත් රාජ්‍ය අංශය මැදිහත් වී බිජ අර්තාපල් ගෙන් වුවහොත් හොන්ඩරයට රුපියල් 6000-7000 ක් අතර මිලකට ගොවියාට දිය හැකි බවද ඔහු කියයි.

