අරුන්දිකගේ කතාවට හඳුන්නෙත්තිගේ පිළිතුර


අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී තමා දුටු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පසුගියදා කළ ප්‍රකාශය වැරැදි යැයි සුනිල් හදුන්නෙත්ති මහතා කියයි.

‘මම පාර්ලිමෙන්තු මන්ත්‍රි කණ්ඩායමක් සමග බෙල්ජියමේ ගිය බව ඈත්ත. නමුත් ඔය කියන මාධ්‍යවේදියා මම කොහේදිවත් දෑක්කේ නැහැ. මේ මනුස්සයාට මේ බොරුව කියන්න කොහොම හිතුණද කියලයි මට හිතාගන්න බැරි.බොරුවක් කියනකොටත් යම් පදනමක් තියෙන්න ඕනෑ.

මේවගේ ගොන්පාට් දාන බොරුකාරයන්ට විරුද්ධව අධිකරණයට යන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. හැබැයි මේ පිළිබදව මම දැන් හොද අවධානයෙන් ඉන්නේ.