අරුන්දික ප්‍රනාන්දුට නොතීසි


2010 අතුරුදන් වූ බව කියන ප්‍රදීප් එක්නැළිගොඩ මාධ්‍යවේදියා පිළිබඳ නඩුවේ සාක්කි දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාට නොතීසි යවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහත්මිය අද නියෝග කළාය.

එකැනිළිගොඩගේ බිරිය සන්ධ්‍යාගේ ඉල්ලීමක් අනුව ඇගේ නීතීඥ උපුල් කුමාරපෙරුම අධිකරණයෙන් මෙම ඉල්ලීම කළේය.

රජයේ නීතීඥ චමින්ද අතුකෝරල මහතා කියා සිටියේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළ නොහැකි බවයි.

ඔහු පිටතදී කළ දේ ගැන ප්‍රශ්න කිරීමට විරෝධයක් නැතැයි ද ඔහු කීවේය.

හෝමාගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ බී ජයසුන්දර මහතා ද සාක්කි දීමට නියමිතය. වැඩිදුර විභාගය ජූලි 16ට කල් තැබිණි.

එක්නැළිගොඩ ප්‍රශයේදී හමුවූ බවත්, මංජුල වෙඩිවර්ධන මාධ්‍යවේදියා ඔහු හදුන්වා දුන් බවත් අරුන්දික මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කීය.