අරුණට එරෙහි විශ්වාස භංගය විසි කරන්න බලපෑ හේතු ඉල්ලයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අරුණ ජයසේකර මහතාට ඉදිරිපත් වූ විශ්වාස භංගය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියත් එය නොවූ බවද විපක්ෂ නායකවරයා කීය.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියකු සූම් තාක්ෂණය හරහා ජිනීවා වල දැනට ක්‍රියාත්මක සාකච්ඡා වලට එක්ව ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණ හරහා කිසිදු සාධාරණයක් නොවූ බවට ප්‍රකාශ කර ඇති බවද විපක්ෂ නායකවරයා කීය.

මෙවැනි දේවල් රටට සුදුසු නොමැති නිසා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.