අරාබියකු නයි නළඟනගේ බෙල්ල කපන්න හදලා


කොල්ලුපිටියේ සමාජ ශාලා නයි නළඟන ඩිලානිට වැල්ලම්පිටියේදී පිහියෙන් පහරදුන් බව කියන අරාබි ජාතිකයකු ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඩිලානි පොලීසියට කියා ඇත්තේ සතියක් තිස්සේ තමා වැල්ලම්පිටියේ සිටි බවත් එහිදී අරාබි ජාතිකයකු පිහියෙන් බෙල්ලට තුවාල කර පාරට ගෙනත් දැමූ බවයි.

තරුණියක වැල්ලම්පිටිය මහ පාරේ වැටී සිටින බවට අද අලුයම 5.30ට ලැබුණු තොරතුරක් අනුව ඇය කොළඹ රෝහලට ඇතුළු කළ බව ද පොලීසිය පවසයි.