අරාබි විදුහලේ පනස් පහකට කෑම විෂවේ?


පස්යාල කල්එළිය  අරාබි කාන්තා විද්‍යාලයේ තරුණ සිසුවියන් පනස් පස් දෙනකු ආහාර විෂවී වතුපිටිවල මූලික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

නේවාසිකාගාරයේදී ආහාරයට ගත් හරක් මස් සහ ටින් මාළු විෂවීමෙන් මේ තත්ත්වය ඇතිවන්නට ඇතැයි සැක කරයි.

මේ ගැන රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම්දී ඇත.