(රංජන් කස්තුරි)
උතුරු අරාබි මුහුදේ හටගෙන තිබෙන අඩුපීඩන කලාපය ක්‍රමයෙන් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති හෙයින් එම කලාපයේ ධීවර කටයුතු කරන බහුදින යාත්‍රාවලට අනතුරු ඇගවීම කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් ආපසු පැමිණන යාත්‍රාවලට සහාය දෙන්නැයි ඉන්දියානු සහ මාලදිවයින් රාජ්‍යයන්ට දැනුම් දී ඇතැයි ද එම යාත්‍රා ආරක්ෂිතව ස්ථානකරා ගමන් කිරීමට දැනුවත් කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.

