අර්සකුලරත්නගේ හලෝව උසාවියේ නාද වෙයි


හිටපු සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ජංගම දුරකතනය ගාල්ල මහාධිකරණයේ දී අද (30) නාද වීයැයි උසාවියේ රාජකාරි කරන පොලිස් නිලධාරියා ඔහුට නඩුවක් ගොනු කළේය.

තමා ඊට නිවැරදිකරු බව අර්ශකුලරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරු කේ බී කේ හිරිඹුරේගම මහතා ලබන ජනවාරි මාසයට නඩුව කල්තැබීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා මෙසේ කියයි.

‘මට විරුද්ධව ගත් අනිසි ක්‍රියාමාර්ගය සම්බන්ධව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ් අල්ගරත්නම් මහතා දැනුම්වත් කළා.

ඔහු අගවිනිසුරුතුමා සමගද සාකච්ඡා කර තිබෙනවා. මම ශ්‍රී ලංකා නීතීඥ සංගමය හරහා නියමිත ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරනවා.‘‘