(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර පැවති මහා ක්‍රිකට් තරගයේදී රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ ක්‍රීඩකයකුට කිසියම් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එම ක්‍රීඩකයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.
තරඟය නිමාවී රාහුල විදුහලේ ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයෙන් ඔවුන්ගේ බස් රථයට ගොඩවීම සඳහා පැමිණි අවස්ථාවේදී විදුහල් දෙකේ ආදි ශිෂ්‍යයන් අතර ගැටුමක් ඇති වී තිබෙන අතර එම ගැටුමට පහරකෑමට ලක්වූ ක්‍රීඩකයා ගේ වැඩිමහල් සහෝදරයකු ද සම්බන්ධ වී සිටින ආකාරය දැක ක්‍රීඩකයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහුට ද මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහුගේ මූහුණට සහ එක් ඇසකට තුවාල සිදුව තිබේ .
එසේ තුවාල ලබා ඇත්තේ රාහුල විදුහලේ වාණිජ අංශයේ උසස් පෙළ හදාරන සිසුවෙකි .

