(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසම පැය පහකට අධික කාලයක් අද (10) ප‍්‍රකාශ ලබා ගත්තේය.
සිය නීතීඥවරුන් පිරිසක්ද සමඟ බැඳුම්කර කොමිසමට පැමිණි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැදුම්කර ගනුදෙනුවට අදාළ තොරතුරු කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ හෙළි කළ බව දැනගන්නට තිබේ.
එම කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා විසින් කරනු ලැබු දැනුම් දීමකට අනුව අර්ජුන මහතා එම කොමිසමට පැමිණියේය.

