(රංජන් කස්තුරි)
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ඊයේ (19) සිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
කැස්ස සහ පපුවේ අබාධ තත්ත්වයක් හේතුවෙන් අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
මේ අතර ඇලෝසියස් මහතා අද (20) ගිලන් රථයකින් අධිකරණය වෙත රැගෙන ගොස් තිබිණි.
අර්ජුන ඇලෝසියස් මහතා පරීක්ෂණයක් සඳහා හෙට (21) කොළඹ වෛද්‍ය පර්යේෂණ ඒකකයට රැගෙන ඒමට නියමිත බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.