අර්ජුන මහේන්ද්‍රන් ඕනෑ: සිංගප්පූරුවට දන්වයි




(සුජිත් හේවාජුලිගේ)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අතහැර නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පැවසීය.

ඒ සඳහා උපාය  උපක්‍රම පාවිච්චි කරමින් සිටින බව  කී  අමාත්‍යවරයා  ඔහු ශ්‍රී ලංකාවට  අත්‍යවශ්‍ය පුද්ගලයෙකු යැයි  ඒ රටට  දැනුම් දී ඇති බවද  සඳහන් කළේය

අර්ජුන් මහේන්ද්‍රන් නමත් වෙනස්කර සිංගප්පූරු ජාතිකයෙකු ලෙස එහි  ජීවත්වන බවත්  ඔහු අත්අඩංගුවට ගැනීමට ඒ රටේ  නීති රීති යම් බාධාවක්  බවත්  හෙතෙම  සඳහන් කළේය.