“හරි කට්ටියක් එක්ක සිටියා නම් නිශාන්ත රණතුංග මල්ලීට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි. ඊට මගේ කිසිදු බලපෑමක් නැහැ. මම සහෝදරයා වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි” වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග අද (08) පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ක්‍රිකට් නිලවරණයේදී ක්‍රියා කලාපයෙන් තමන්ට අසාධාරණයක් වු බව කියමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කිරිමෙන් පසුවයි.
ඡායාරූප - ඉෂංක සුනිමල්
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න


