ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී උප සභාපති ධූරයට තරග කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (4) පෙරවරුවේ නාම යෝජනා බාර දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා පසුගිය 3 වැනිදා තිලංග සුමතිපාල මහතා නාම යෝජනා බාරදුන් අතර හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාද මෙවර සභාපති ධූරයට තරග කරයි.

