(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකීමට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය විජිත හේරත් සහ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සභාගත කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.