අරවින්දගෙ සේප්පුව කඩලා


ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද සිල්වාගේ නිවසේ සේප්පුවෙන් රට සල්ලි තොගයක් හා රන් බඩු තොගයක් සොරකම් කරගෙන ඇතැයි පොලිසිය කියයි.

ඔහු හා බිරිය එතෙර ගොස් සිටිය දී මේ සොරකම සිදුවී ඇත.

නිවසේ සේවකයන් අට දෙනාගෙන් පොලිසිය ප්‍රකාශ ලියාගෙන ඇත.

සේප්පුවේ රහස් අංකය දැන සිටියේ තමාත් බිරියත් තව කෙනකුත් බව ඔහු පොලිසියට පවසා තිබේ.