එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණ සංවිධානය කළ සංඝයා වහන්සේලා දහස් නමකට සංඝගත දක්ෂිණාවක් ජනපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද (8) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක, කොටුගොඩ ධම්මාවාස අමරපුර නිකායේ අනු නා හිමි ඇතුළු දිවයිනම ආවරණය කරමින් සෑම දිස්ත්‍රික්කයකම නියෝජිත හිමිවරු ඒ සඳහා එක්ව සිටියහ. අතර මැති ඇමැතිවරු පිරිසක් ද ඊට එක්වූහ.










