අරලියගහ මැදුරටත් විදුලි පන්දම් එළිය


පසුගිය බ්‍රහස්පතින්දා මුළු දිවයිනටම බලපැවැත්වුණු විදුලිය බිඳ වැටීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහටත් ගැලවීමක් නැතිවුනාලු.අරලියගහ මන්දිරයේ විදුලි බල උත්පාදක යන්ත්‍රය ක්‍රියාවිරහිතවීම නිසා විදුලි පන්දමක් අරන් කාමරෙන් කාමරයට යන්න අගමැතිවරයාට සිදුවුනාලු.

පස්සේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු එක්ක කතාවකදී පස් වැනි වීදියේ තියෙන තමන්ගේ ගෙදර විදුලි බල උත්පාදක යන්ත්‍රයත් අබලන් වී තිබෙන වගත් එයත් අලුත්වැඩියා කළ යුතුව ඇති බවත් අගමැතිවරයා කිව්වාලු.