සෑම පුර පසොළොස්වක පොහොය දිනකම මේ වන තෙක් අරලියගහමන්දිරයේ පැවැති ධර්ම දේශනාව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුජනීය ස්ථානයන් මුල් කර පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
පොහෝ දින සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වන ලෙස එම ධර්ම දේශනාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමටත් ,එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස විකාශනය කිරීමටත් පියවර ගෙන තිබේ.
මේ අනුව පෙබරවාරී මස 3 වැනි දිනට යෙදෙන වප් පුර පසොළොස්වක පොහෝ දිනයේ ප්‍රථම ධර්ම දේශනාව පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා ඉදිරියේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ.

