‘නත්තල් දරුවන්ට‘ යන තේමාවෙන් අගමැති කාර්යාලය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය එක්ව අද (17) අරලියගහ මන්දිරයේදී නත්තල් ප්‍රසංගයක් පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වූ අතර දිවයින පුරා පිහිටි කතෝලික දහම් පාසල් දරුවන් මෙන්ම ළමා නිවාසවල වෙසෙන දරුවන්ද විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.
සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග, දක්ෂිණ සංවර්ධන, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, අගමැති කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු රැසක් එම අවස්ථාවට එක්වූහ.







