ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දා රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ සිදුවූවායැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මේ සඳහා කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික විධායක සභාවේදී සියලු දෙනාගේ අනුමැතිය හිමිවූ බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ පරීක්ෂණය කඩිනම් කිරීමට පියවර ගන්නා බව පැවසූ බවත් අනුර කුමාර මහතා කීවේය.

