අරලගංවිල අකාශ වස්තුව වැටුණු තැන රකී


පොළොන්නරුව අරලගංවිල කුඩාවැව ටී ජී ටිකිරිබණ්ඩා මහතාගේ කුඹුරට 2012 දෙසැම්බරයේ ආකාශ වස්තුව වැටුණු පෙදෙස ආරක්ෂා කිරීමට යයි.

මෙම ආකාශ වස්තුව පරීක්ෂා කළ එංගලන්තයේ බකින්හැම් විශ්ව විද්‍යාලයයේ මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ නිගමනය වූයේ පිටසක්වල ජීවීන් සිටින බවට එම පාෂණයේ සාධක ඇති බවයි.

ශ්‍රී ලංකාවට එවැනි පාෂණයක් වැටුණු ප්‍රථම අවස්ථාව මෙයයි. එම නිසා මෙම ස්ථානය සංරක්ෂණය කළ යුතු බවට රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් පරිදි සෙනසුරාදා (25) සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.