අරණායක එළඟිපිටියේ සාමසර කන්ද (සාමසර කන්ද) , අම්බල කන්ද ඇතුළු නායගිය ප්‍රදේශවල වැසියන් රැඳී සිටින අවතැන් කඳවුරුවලට අවශ්‍ය ජලය ලබා දීම සඳහා ගම මැදින් ගලා බසින ඔයේ වතුර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ‘ජර්මනියේ බ්‍රිජෝන් ස්ටෙයිගර් පදනම සිදු කරගෙන යයි.
විදේශ අමාත්‍යංශයේ, අාපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හා ජල සම්පාදන මණ්ඩලයේ සහයෝගයෙන් ඔවුන්ගේ ඉල්ලීම පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව එහි ලංකාවේ ප්‍රධානී සමන් නාවින්න මහතා කීවේය.
වතුර පිරිසිදු කරන යන්ත්‍ර සමඟ කිලෝ 5000ක බඩු රැගෙන පසුගිය 29 වැනි දා එම ජර්මන් කණ්ඩායම ලංකාවට පැමිණියහ. ජර්මනියේ අට දෙනෙක් සහ ලංකාවේ තිදෙනෙක් එම කාර්යයට දායක වෙති.
දිනකට වතුර ලීටර ලක්ෂයක් පමණ පිරිසිදු කරන බව සමන් නාවින්න මහතා කියයි.
බට යොදා මෝටර් ආධාරයෙන් ගඟෙන් ගන්නා ජලය ටැංකි දෙකකට යෑමට සලස්වා ඒවායේ මඩ තැන්පත් වන තුරු සාමාන්‍ය වේලාවක් තබා ඉන් පසු යන්ත්‍ර ආධාරයෙන් පිරිසිදු කර නැවතත් ටැංකි වලට පුරවයි.
මෙම ක්‍රියාවලිය සිදු කරනුයේ උස්සාපිටිය සංස්කෘතික මධ්‍යස්ථානයේ අවතැන් කඳවුරේදී ය.

![IMG_0353[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_03531.png)
![IMG_0495[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_04951.png)
![IMG_0594[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_05941.png)
![IMG_0619[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_06191.png)
![IMG_0651[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_06511.png)
![IMG_0653[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_06531.png)
