අරගල සමයේ පොලිස් රියකට ගිනි තැබු 3ක් අල්ලයි


(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරගල සමයේ ඉකුත් මැයි මස 09 දින මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදීයි පොලිස් මෝටර් රථයකට පහර දී එහි කොටස් ගලවා ගිනි ගිනිතබා අනර්ථය සිදුකිරීමේ සිද්ධියට  සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.

සැකකරුවන් තිදෙනා  මරදාන සහ කොළඹ 12 පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් තිදෙනා අද (20) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.