(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සල් ( තැබෑරුම්) රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවන බව පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
මොවුන් මෙම තැබෑරුම් පවත්වාගෙන යන්නේ වෙනත් වෙනත් නම් යොදා ගනිමින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙවැනි කටයුතු කරන මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් ගැන තොරතුරු සොයා බලා ගෙන යන බවත් ඒ පිළිබඳ තොරතුරු තහවුරුවූ පසු ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර සැක සහිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය දිනවල අත්අඩංගුට ගනු ලැබූ බවද සියඹලාපිටිය මහතා කීවේය.

