අයුතු සබඳතා වැඩිවෙයි : ඒඩ්ස් වලට පාර කැපෙයි


වයස අවුරුදු 25-45 අතර පිරිමි සමලිංගික සබඳතා ඉහළ යෑම හේතුවෙන් 2014 දී එච්.අයි.වී ඇතුළු සමාජ රෝගවලට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව වැඩිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

ගිය වසරේදී එච්.අයි.වී ආසාදන වැඩිවීමට සහ සමාජ රෝග වැඩි වීමට මූලිකම හේතුවක් වී ඇත්තේ පිරිමි සමලිංගික සබඳතා පැවැත්වීමට අමතරව විෂම ලිංගික හා සමලිංගික සබඳතා දෙකම පවත්වන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම බව වෛද්‍ය ලියනගේ මහතා කියයි.

හර්පීස්, ගොනෝරියා, සිපිලිස්, ලිංගික ඉන්නන්, හෙපටයිටිස් බී, ස්කේබිස්, උල්ලෝගම් වැනි සමාජ රෝග වැඩිවීමටද ඉහත කරුණු හේතුවී ඇතැයි ඔහු පවසයි.

වාර්තාවන දත්ත අනුව කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණෑගල හා යාපනය දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තාවී ඇත.