අයිසීසීය වර්ණවීරගේ විකට් කඩයි


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු ජයනන්ද වර්ණවීරට වසර තුනක වැඩ තහනමකට ලක් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) සිදුකළ දූෂණ පරීක්ෂණවලට සහභාගී නොවීම හේතුවෙන් ඔහුට මෙම තහනම පනවා ඇතැයි වාර්තාවේ.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිල්ල සකස් කිරීම භාරව සිටියදී තරග ආරම්භ කිරීමට පෙර තණතිල්ලේ ස්වභාවය පිළිබඳ වෙනත් කණ්ඩායම් කලින් දැනුවත් කිරීම, එම කණ්ඩායම්වලට වාසි සහගත ලෙස තණතිල්ල සකස් කිරීම යන චෝදනා වර්ණවීරට එල්ල වී තිබිණි. ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී පරීක්ෂකයන්ට සහයෝගය නොදීමත් එම නීති රීතිවලට අනුව සහාය නොදීමෙන් පෙනී යනුයේ වරද පිළිගත් බවත් අයිසීසීය ප්‍රකාශ කර ඇත.