අයිසැක් නෝනා යළිත් එයි


සුළු ජාතින්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක් ලබන 10 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දින 10ක සංචාරයකට පැමිණෙන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය කියයි.

ඇය  ඉකුත් මාර්තුවේදී  ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අප‍්‍රසාදය පළ කර සිටියේය. ඇයගේ එම වාර්තාව සාවද්‍ය නොමඟ යවන සුලු තොරතුරු සහ දත්ත ඇතුළත් බවද රජය විසින් චෝදනා නඟා තිබිණි.