අයිස්ක්‍රීම් හබේ කඩුවෙල උසාවියටත් යයි


කඩුවෙල බණක් අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක දී  අයිස්ක්‍රිම් අතේ ගෑ වුණු බව කියමින් දරුවකුට  පහර දුන්නැයි කියන කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අරුණ ලක්මාල් විලත්ගම අද (24) මහේස්ත්‍රාත් උසාවියට බාර විය. ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.