අයිස් සමග අයෙක් අත්අඩංගුවට


 
(ඔගස්ටින් ප්‍රනාන්දු)  

පල්ලම මදවක්කුලම ප්‍රදේශයේ නිවසක සගවා තිබු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එක් පුද්ගලයෙකු අද (26) පස්වරුවෙ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ඒකකයට ලැබුණ තොරතුරක් අනුව එහි නිලධාරින් කණ්ඩායමක් ගොස් මදවක්කුලමේ පිහිටි එම නිවස පරික්ෂා කර බැලීමේ දි සගවා තිබු මත්ද්‍රව්‍ය තොගය හමුවු බවත් කියයි.

එහි ග්‍රැම් 440ක අයිස් තොගයක් තිබු බවත් විවෘත වෙළදපලේ ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවත් සැකකරු පසුගිය කාලය පුරා  මෙම මත්ද්‍රව්‍ය ගෙනැවිත් ප්‍රදේශය පුරා අලෙවි කර ඇති බවත් කියයි.

පොලිස්  විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරික්ෂණ සිදු කරයි

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)