(ටී.කේ.ජි. කපිල සහ ප්‍රසාද් මුතුකුඩ)
‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොලේ දී අද (1) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
22 හැවිරිදි වියේ පසුවන මෙම ඉන්දීය ජාතික තරුණයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මුල් වරටය.
ඔහු අද (1) අලුයම 1.48 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ SG 001 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුල් දෙකක මෙම අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් ලෙස සකස් කර සඟවා ගෙන තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේවායේ මුළු බර ග්‍රෑම් 484 ක් වන අතර , මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 58 ලක්ෂයක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය.

