(සිරංගිකා ලොකුකරවිට සහ ජේ.කේ.එල් චාමින්ද)
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය පවසයි.
යාත්‍රාවේ මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි 4 දෙනකු අත්අඩංගුවට ගත් බවත් එක් පුද්ගලයකු පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම ට්‍රෝලර් යාත්‍රාව ජාඇල දික්ඕවිට වරායේ සිට ගමන් ආරම්භ කළ බවට ලැබුණු තොරතුරක් අනුව බුද්ධි අංශ ඒ පිළිබඳ අවධානයෙන් සිට ඇත.
ගාල්ල වරාය ආසන්නයේ දී නාවික හමුදා යාත්‍රාවක් එහි මඟ හරස් කළ විට ට්‍රෝලර් යාත්‍රාව තම මඟ වෙනස් කරමින් ගොඩබිම දෙසට යාත්‍රා කර ගාල්ල ජාකොටුව වැල්ල ආසන්නයට පැමිණ ඇත.
සැකකරුවන් සන්තකයේ තිබි අයිස් කුඩු කිලෝග්‍රැම් 5.9 ක් හා හෙරෙයින් මත්කුඩු කිලෝග්‍රැම් 2.1ක් සොයාගෙන ඇත. සැකකරුවන් පානම දෙවිනුවර මිගමුව කදපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.


