අයිස් පෙට්ටියේ පවුම් 11 ගත් මිනිහා අල්ලයි?


බේරුවල මාගල්කන්දේ නිවසක ශිතකරණයේ තබා තිබු  රන් පවුම් එකොළහක් සොරකම් කළැයි කියන පෙදරේරුවා ගැන ඉවක් ලබා දීමට කළුතර පොලිස් සුනඛ ග්‍රේරෝ සමත්විය.

රන්බඩු ඔතා තිබු රෙදි කැබැල්ලේ ඉව ඔස්සේ අසල නිවසකට ග්‍රේරෝ  ගිය නමුත් පෙදරේරුවා එහි නොසිටි බව කියති.

වැඩි ආරක්ෂාව සඳහා ශිතකරණයේ රන්බඩු තබා ඇතැයිද එහෙත් එක් අසල්වැසියකු පමණක් ඒ බව දැන සිටි බවද නිවස හිමියෝ කියති. මේ අතර පානදුර ප්‍රාදේශිය ලේකම් නිවසට පැන්න බව කියන සොරුන් සෙවීමද ග්‍රේරෝට බාර  දී ඇත.